එළඹෙන උත්සව සමය වන විට මිල ඉහළ ගොස් ඇති ලොකු ලූණු වල මිල ගණන් පහත වැටෙනු ඇති බවට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානයේ වෙළෙන්දන් සදහන් කළේ වෙනත් රටවලින් ඇණවුම් කළ ලොකු ලූණු තොග මෙරටට ලැබීමත් සමග මෙම තත්ත්වය සමථයකට පත්විය හැකි බවයි.

කෙසේ වෙතත් පාකිස්ථානය තම නිෂ්පාදන අපනයනය තහනම් කිරීම හමුවේ මේ වන විට දේශීය වෙළදපොලේ රට ලොකු  ලූණු  මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට මෙරට වෙළපොලේ ලොකු ලූණු කිලෝවක මිල සටහන් වන්නේ රුපියල් 560 ත් 580 ත් අතරයි.

WhatsApp Group

Skip to content