ඉදිරි උත්සව සමයේ වෙළෙඳපොල රසකැවිලි අශ්‍රිත නිෂ්පාදනවල මිල වැඩි වන බව සමස්ථ ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති නිලුක්ෂ කුමාර මහතා සඳහන් කලේ සිනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කලද එම මිලට වෙළඳපොල තුල සිනි මිලදී ගත නොහැකි බවයි.

මේ අතර ගැස් සහ සිනි මිල ඉහල යාම හේතුවෙන් ආපනශාලා සහ අවන්හල්වල ආහාර පාන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහාල දැමුනා.

කෙසේවෙතත් සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කලේ ගෑස් සහ සීනි මිල ඉහළ ගියද බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ නොදමන බවයි.

මේ අතර එළඹෙන උත්සව සමයේදී ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බවයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කලේ.

https://www.vnews.lk/storage/2023/11/NALIN-FANANDO-EDIT-.mp3?_=1

කෙසේවෙතත් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සි අලවතුවල මහතා සඳහන් කලේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ ජීවත්වීම යනු ජනතාවට අභියෝගයක් බවයි.

https://www.vnews.lk/storage/2023/11/J.C-ALWATHUWALA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content