පුද්ගල ඝාතන කිහි­ප­යක් සම්බ­න්ධ චෝදනා වලට වර­ද­කරු වී ජීවි­තා­න්තය දක්වා සිරදඬු­වම් විඳි­මින් සිටි ඉන්දි­යාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බහු­ජන සමාජි පක්ෂයේ ප්‍රබල දේශ­පා­ල­නඥ­යකු වූ මුක්තාර් අන්සාරි හෘද­යා­බා­ධ­ය­කින් මියගොස් තිබෙනවා.

60 හැවි­රිදි මුක්තාර් අන්සාරි ජීවි­තා­න්තය දක්වා සිර­ද­ඬු­ව­මට ලක්ව සිටියේ ව්‍යාජ අවි­ආ­යුධ බල­පත්‍ර නඩු­ව­කට වරදකරු වීමෙනි.

ඔහු විසින් භාර­තීය ජනතා පක්ෂ­යට නාය­ක­ත්වය දෙමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දේශ­පා­ලන කට­යු­තු­වල නිර­තව සිටි ක්‍රිෂ්ණා­නන්ද් රායි ඇතුළු පුද්ග­ල­යන් කිහි­ප­දෙ­නකු 2005 වස­රේදී වෙඩි තබා ඝාත­නය කිරීමේ චෝද­නා­වට ලක්ව වසර 10ක සිරදඬු­වම් විඳි­මින් සිට ඇත.

මියයෑමට දින 10කට පෙර මුක්තාර් අන්සාරි අධි­ක­ර­ණ­යක පෙනී සිටි අව­ස්ථාවේ, තමාට වස මිශ්‍ර ආහාර ලබා­දීම හේතු­වෙන් ස්නායු වේද­නා­ව­කින් පීඩා විඳින බව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

WhatsApp Group

Skip to content