උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දීමනාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා චක්‍රලේඛයක් ලබන සඳුදා වනවිට නිකුත් කිරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ.

පාසල් නිල ඇඳුම් බෙදා දීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කළේ කල් ගොස් පැවති උසස් පෙළ විභාගය ද සාර්ථක ව පවත්වා අවසන් කළ බවයි.

එහි උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට පරීක්ෂකවරුන් 19,000කගේ අවශ්‍යතාවක් පවතින අතර ඒ සඳහා ඉල්ලුම් කර ඇත්තේ ගුරුවරුන් 15,000ක සංඛ්‍යාවක බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එම ගුරුවරුන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මේ වනවිටත් උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දීමනා වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගෙන ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව නව චක්‍රෙල්ඛයට අනුව වෘත්තීය සංගම් උසස් පෙළ ලියූ දරුවන් ගැන සිතා සිය ප්‍රවීණ ගුරුවරුන් උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා යොමු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content