බස්නාහිර, වයඹ, දකුණ සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දහවල් කාලයේදී වැඩබිම්වල සේවය කරන පිරිස් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණැති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

නිවස තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබදව අවදානය යොමුකරන ලෙසත්, කුඩා ළමුන් තනිව වාහන තුළ රඳාව නොයන ලෙසත් එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා කියා සිටියා.

https://www.vnews.lk/storage/2024/03/AJITH-WIJEMANNA-EDIT.mp3?_=1

මේ අතර අත්‍යාවශ්‍ය නොවන කටයුතුවලට සිදුකරන ජල පරිභෝජනය අවම කරන ලෙසටයි ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝජා ක`ඵආරච්චි මහත්මිය කියා සිටියේ.

https://www.vnews.lk/storage/2024/03/ANOJA-KALUARACHCHI-EDIT.mp3?_=2

 

WhatsApp Group

Skip to content