දිවයිනේ පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට දිනය වන විට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා පැවසුවේ හෙට සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි.

කෙසේ වෙතත් එළඹෙන අප්‍රේල් මාසයේ සිට නැවතත් උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද ඔහු සදහන් කළා.

 

WhatsApp Group

Skip to content