බලපෑම්පවතින අධික උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් නිවෙස් තුළ ඇති කරන සුරතල් සතුන් සත්ව ආඝාතයට පත්වීමේ අවදානමක් මතුව තිබෙනවා.
සත්වවේදීන් පෙන්වා දෙන්නේ මෙලෙස පාරිසරික උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ වීදි සුනඛයින්, ගෘහාශ්‍රිත සුරතල් සතුන් මෙන්ම වනජීවීන්ද දැඩි බලපෑමට ලක්ව තිබෙන බවයි.

එමෙන්ම නිවෙස් තුළ ඇති කරන සුනඛයින්, බළලුන් වැනි සතුන් අධික උණුසුම හේතුවෙන් තාප ආඝාතය තත්වයට ද පත්වීමේ අවදානමක් පවතිනවා.

සුරතල් සතුන්ගේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා දිනකට දෙතුන්වරක් නැහැවීම මෙන්ම සතුන් වෙනුවෙන් ජල බඳුනක් වෙන්කර තැබීමද වඩාත් සුදුසු බවයි පශු වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content