උඩවලව ජලාශය යටතේ වගා කළ ගොවි බිම් සඳහා ජලය සැපයීම ඊයේ දිනයෙන් අවසන් කර තිබෙනවා.

ඒ අනුව උඩවලව ජලාශයෙන් වගා කෙරෙන ගොවි බිම්වලින් සියයට 70 කට පමණ ජලය නිකුත් කිරීමට හැකි වූ බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පැවසුවේ.

මේ අතර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ මේ වන විට යල කන්නයේ වගා කළ කුඹුරුවලින් අක්කර 47,000 ක් පමණ විනාශ වී ඇති බවට ගණන් බලා ඇති බවයි.

වගා හානි වූ කුඹුරු පරීක්ෂා කිරීම මේ වන විටත් සිදු කරන බව එම මණ්ඩලය සඳහන් කළා.

WhatsApp Group

Skip to content