බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය උලපනේ දුම්රිය ස්ථානයේදි අද (07) දින පිලිපැනීමකට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා පැමිණ ඇති බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.

උඩරට මැණිකේ දුම්රිය අද (07) දින දහවල් 12.30 ට පමණ පිලීපැනීමට ලක් වු බවත්, එම දුම්රියේ පසුපස එන්ජිම සහ පළමු පන්තියේ මැදිරි දෙකක් පිලීපැන ඇති බවත් දුම්රිය පාලක මැදිරිය පවසනවා.

පීලිපැනීමෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

පීලිපැන ඇති දුම්රිය පීලිගත කරනතෙක් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගින් නාවලපිටිය සහ ගම්පොල දුම්රිය ස්ථාන අතර ලංගම බස් රථවලින් ප්‍රවාහන කිරීමට පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content