උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ අතර සීග්‍රගාමී දුම්රියක් පීලි පැනීමෙන් අවහිර වී තිබූ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරුණු බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසනවා.

බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ එම දුම්රියේ නැරඹුම් මැදිරිය ඊයේ සවස පීලි පැනීමට ලක් වූ අතර රාත්‍රී 10 පමණ වන විට පීලි ගත කිරීම අවසන් කළ බව ද පාලක මැදිරි කාර්යාලයේ නිලධාරියකු සදහන් කළා.

ඒ අනුව අද  දින බදුල්ල දුම්රිය ස්ථානයෙන් අළුයම 5.55 ට උඩරට මැණිකේ දුම්රිය කොළඹ කොටුව බලා පිටත් වූ බවත් ඔහු සදහන් කළා.

 

WhatsApp Group

Skip to content