උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

කොටගල හා හැටන් දුම්රිය ස්ථාන අතර දී විශේෂ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට ඊයේ බාධා එල්ල වුණා.

මෙලෙස පීලි පැනීමට ලක්වූයේ විදෙස් රටක චිත්‍රපටයක් රූගත කිරීම සඳහා ලබා දී ඇති දුම්රියක් බව සඳහන්.

විශේෂ අවසරයක් යටතේ අදාළ චිත්‍රපටය රූගත කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ජනවාරි 24 සිට 29 වනදා දක්වා මෙම මැදිරි 6ක විශේෂ දුම්රිය සපයා තිබෙනවා.

WhatsApp Group

Skip to content