උගන්ඩාවේ, කම්පාලා අගනුවර කසළ කන්දක් නායයෑමෙන් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.

වසර ගණනාවක් පැරණි එම කසළ කන්ද අධික වර්ෂාපතනය හේතුවෙන් නායයෑමට ලක්ව ඇති අතර, ඒ ආසන්නයේ පිහිටි නිවාස ඊට යට වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

නායගිය කසළ කන්දට තවත් පුද්ගලයන් රැසක් යට වී සිටින බැවින් ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ වනවිට ඊට යට වූ 14 දෙනෙකු බේරාගැනීමට හැකිවූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content