ඊශ්‍රායලයේ පවතින යුද ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද දිනය තුළ තානාපති කාර්යාලට ගෙන එන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

තානාපතිවරයා පැවසුවේ ඉන් පසුව දේහය හදුනා ගැනීම සදහා විඩියෝ තාක්ෂණය ඔස්සේ ඇයගේ පවුලේ සාමාජිකයින් සම්බන්ධ කරගන්නා බවයි.

එමෙන්ම ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබද තවදුරටත් අවධානයෙන් පසුවන බවයි නිමල් බණ්ඩාර මහතා සදහන් කළේ.
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු වාර්ෂික නිවාඩු ලබා ඉදිරි දින කිහිපය තුළ දිවයිනට පැමිණෙනු ඇති බව ද නිමල් බණ්ඩාර මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content