ඊශ්‍රායල – හමාස් සටන් විරාමයකට එළඹීම සඳහා සාකච්ඡා ලබන සතියේ ආරම්භ කිරීමට සූදානම් බවට ඊශ්‍රායලය පවසනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මොසාඩ් හෙවත් ඊශ්‍රායල රාජ්‍ය රහස් ඔත්තු සේවයේ ප්‍රධානියෙකු කටාර් හිදී සටන් විරාමයේ මැදිහත්කරුවන් සමඟ මූලික සාකච්ඡාවලට සහභාගිවූ බවයි.

කෙසේ වෙතත්, සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වූ ගිවිසුමක් සම්බන්ධයෙන් දෙපාර්ශවය මේ වන තෙක් නිශ්චිත එකඟතාවකට පැමිණ නොමැති බවයි නවතම විදෙස් වාර්තා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content