ඊශ්‍රායල සහ පලස්තීන යුධ ගැටුම් හේතුවෙන් මේ වන විට ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 1,500 ඉක්මවා ගොස් තිබෙනවා.

එහිදී ඊශ්‍රායලයේ පුද්ගලයන් 900කට වැඩි පිරිසක් සහ පලස්තීනයේ පුද්ගලයන් 690කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර සුන්බුන් බවට පත් කරන බවට ප්‍රතිඥා දී ඇති හමාස් සංවිධානය සිටින ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් සිවිල් වැසියන්ට අනතුරු අඟවා තිබෙනවා.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානය තර්ජනය කර ඇත්තේ ඊශ්‍රායල හමුදා පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව ගුවන් ප්‍රහාර එල්ල කළහොත් සියලු ප්‍රාණ ඇපකුරුන් මරා දමන බවයි.

WhatsApp Group

Skip to content