ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ඉතා කඩිනමින් නිදහස් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට අමෙරිකානු ජනාධිපතිවරයා විශ්වාසය පළ කරනවා.

ගාසා තීරය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර අත්හිටවුවහොත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය හැකි බවයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරියෙකු හමාස් නායකත්වය සමග ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට ද නියමිතව තිබෙනවා.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ දී ඊට අවශ්‍ය පහසුකම් සැපයීමට රතු කුරුස සංවිධානය මැදිහත්වන බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content