ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පැය 24ක කාලයක් තුළ පලස්තීනුවන් 700ක් ජීවිතක්ෂයට.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගතවූ පැය 24ක කාලය තුළ පලස්තීන ජාතිකයන් 700ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වී පැය 24ක කාලයක් තුළ ගාසා තීරයේ සිදු වූ වැඩිම මරණ සංඛාව එය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර මෙම ප්‍රහාර හමුවේ ළමුන් 2,360 දෙනෙකු ඇතුළුව පලස්තීන ජාතිකයන් 5,791 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම හමාස් සංවිධානයේ ප්‍රහාර හමුවේ ඊශ්‍රායල ජාතිකයන් 1,400ක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

WhatsApp Group

Skip to content