ඊශ්‍රායල ප්‍රහාරයක් හමුවේ හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සලේ අල් – අරෝරි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායකයා ලෙබනනයේ බීරූට් හී සැඟව සිට ඇත් අතර, ඒ අනුව ඊශ්‍රායලය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක් හමුවේ ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

මෙම ප්‍රහාරයෙන් හමාස් සංවිධානයේ ඉහළ නිලධාරීන් දෙදෙනෙක් සහ තවත් සාමාජිකයන් සිව්දෙනෙකු ඇතුළු හය දෙනෙක් ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ සලේ අල් – අරෝරි හමාස් සංවිධානයේ දේශපාලන කාර්යාංශයේ නියෝජ්‍ය ප්‍රධානී තනතුරේද කටයුතු කර ඇති අතර, කසාම් බලකායේ ආරම්භක සාමාජිකයෙක්ද වන බව සඳහන්.

WhatsApp Group

Skip to content