ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ සිටින සිවිල් වැසියන් බොහෝ ප්‍රමාණයක් මිය යන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ගාසා තීරය තුළ දෛනිකව ළමා මරණ 160 ඉක්මවන බවයි.

හමාස් සංවිධානය ඊශ්‍රායලය තුළට පැමිණ ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ඇරඹි මෙම ගැටුම ගාසා අග නගරය මධ්‍ය දක්වා ද පැතිරි ඇති බවටයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල් ආරක්ෂක ප්‍රධානින් තහවුරු කර ඇත්තේ සිය සෙබ`ඵ ගාසා නගර අභ්‍යන්තරයේ මෙහෙයුම් සිදු කරමින් සිටින බවයි.

මේ අතර ගාසා නගරයේ සිරවී සිටින සිවිල් වැසියන්ට ඉවත්ව යාමට පැය 4 ක මානුෂීය කොරිඩෝවක් විවෘත කිරීමට ද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම සිවිල් වැසියන් 50,000 කට අධික පිරිසක් ඊයේ දියේදී ගාසා තිරයෙන් පලා ගොස් ඇති බවද වාර්තා වනවා.

ඒ, ඊශ්‍රායල ගොඩබිම් සහ ගුවන් ප්‍රහාර තවදුරටත් ත්‍රීවුර කිරීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content