උතුරු ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

උතුරු ලෙබනනයේ ක්‍රිස්තියානි ගම්මානයක් ඉලක්ක කර ගනිමිනුයි ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ යුද්ධයෙන් අවතැන් වූ පවුල් එහි වාසය කරන බවයි.

එහෙත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අදහස් ප්‍රකාශ කර නොමැති බව ද සදහන්.

WhatsApp Group

Skip to content