ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටින ඊශ්‍රායලයේ කතා නායක අමීර් ඕහානා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් හමු වී තිබෙනවා.

එම හමුව සදහා ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා සමග ඉන්දියාවට පැමිණ සිටින ඊශ්‍රායල් පාර්ලිමේන්තුවේ නියෝජිත කණ්ඩායමක් ද එක්ව සිටිනවා.

මෙම හමුවේදී දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමුව තිබෙනවා.

එහිදි පුනර්ජනනීය බලශක්තිය, ආහාර සුරක්ෂිතතාව හා සංචාරක ව්‍යාපාරය යන අංශ පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content