ඊශ්‍රායල – පලස්තීන ගැටුම් ආරම්භ වී දින 16ක් ගතවන විට ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 6,000 ඉක්මවා ගොස් තිබෙනවා.

එමෙන්ම මේ වන විට හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස පුද්ගලයන් 212 දෙනෙකු රඳවාගෙන සිටින බවට සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර මෙම යුධ ගැටුම සඳහා අවතීර්ණ නොවන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහූ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට අනතුරු අඟවා තිබෙනවා.

එසේ සිදු කරන්නේ නම් එය හිස්බුල්ලා සටන්කාමීන් ජීවිතයේ සිදු කරන විශාලතම වැරැද්ද බවත්, ඊට එරෙහිව ඔවුන්ට සිතාගත නොහැකි බලයකින් ප්‍රති ප්‍රහාර එල්ල කරන බවත් ඊශ්‍රායල අග්‍රමාත්‍යවරයා අවධාරණය කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content