ගාසා තීරය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහූ ප්‍රකාශයක් කර තිබෙනවා.

කෙසේ වෙතත් එය සිදු කරන දිනය ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ.

මේ අතර ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූ පලස්තීන වැසියන් සංඛ්‍යාව 6,500 ඉක්මවා ගොස් තිබෙනවා.

මෙම ප්‍රහාර හමුවේ පලස්තීනයේ සරණාගත කඳවුරක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එහිසී විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊශ්‍රායල – පලස්තීන යුධ ගැටුම් නවතා සටන් විරාමක් වෙත යොමු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත් ක්‍රියාමාර්ගයද අසාර්තක වී තිබෙනවා.

WhatsApp Group

Skip to content