ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහූගේ අධිකරණ ප්‍රතිසංස්කරණ සැලැස්ම අභියෝගයට ලක්කිරීම හේතුවෙන් එරට ආරක්ෂක ඇමතිවරයාව ධුරයෙන් නෙරපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අගමැතිවරයාගේ මෙම තීරණයට එරෙහිව ගිණි පන්දම් රුගෙන විශාල ජනතාවක් ඊයේ රාත්‍රියේ වීදි වලට පැමිණ විරෝධය පළ කළ බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.

මෙලෙස විරෝධතා ඇතිවීමත් සමග අගමැතිවරයා ගත් තීරණය ගැන නැවත සාකච්ඡා කිරීම සදහා අගමැති බෙන්ජමින් නෙතන්යාහූ නියෝජනය කරන දේශපාලන සන්ධානය අද දිනයේ රැස් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content