ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (6/12) අත්අඩංගුවට ගෙන තිබේ.

කතරගම, ගෝතමීගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාවක් ලබාදෙන බව පවසා රු.1,689,000.00 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව අදාළ කාන්තාව කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කාර්යාංශ පනත උල්ලංඝණය කිරීම යන චෝදනාව යටතේ අදාළ සැකකාරිය අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ දින තලංගම පොලිස් ස්ථානයේ රඳවා සිටි අතර, අද දින (6/13) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

WhatsApp Group

Skip to content