ඊශ්‍රායල් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ යුද කටයුතු පිළිබඳ දෙවැනි නායකයා ලෙස කටයුතු කරන මර්වාන් ඊසා මියගොස් ඇති බවට ඊශ්‍රායලය පවසනවා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ මර්වාන් ඊසා මියගොස් ඇත්තේ ඔවුන් විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් බවයි.

ඊසා මියගොස් ඇති බව මෙතෙක් තහවුරු වී නොමැති අතර එය තහවුරු වුවහොත් ඊශ්‍රායල- හමාස් යුද්ධයේ දී මියගිය හමාස් සංවිධානයේ ඉහළම නායකයා මොහු වනවා.

ඊශ්‍රායලය නිකුත් කර ඇති අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ද මර්වාන් ඊසායි.

 

WhatsApp Group

Skip to content