ප්‍රහාරක ගුවන් යානා 100ක් යොදා ගනිමින් ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ඊයේ ප්‍රහාර එල්ල කර තිබෙනවා.

යුද ගැටුම් ආරම්භ වීමෙන් පසුව ගාසා තීරයට එල්ල වු දරුණුතම ප්‍රහාරය මෙය බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශකවරයා පවසන්නේ ඉදිරියේදී ගොඩබිම් මෙහෙයුම් තවදුරටත් පුළුල් කරන බවයි.

මේ වන විට ගාසා තීරයේ දුරකතන සහ අන්තර්ජාල සබදතා සම්පුර්ණයෙන් බිද වැටී තිබෙනවා.

WhatsApp Group

Skip to content