ඊශ්‍රායලය දකුණ ලෙබනනයේ දේශසීමාව වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්.

ඊශ්‍රායලය ඊයේ දකුණු ලෙබනන දේශසීමාවේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර එලෙස ප්‍රහාර එල්ල කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ සමග ඊශ්‍රායල සහ ලෙබනන් හමුදා අතරත් ගැටුම් ක්‍රියාත්මක වී තිබෙනවා.

මේ අතර දින 8ක් පුරා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ක්‍රියාත්මක ගැටුම්වලින් දෙපාර්ශ්වයේම මිය ගිය පිරිස 3,200 ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content