ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හමුවේ පසුගිය පැය 24ක කාලය තුළ පලස්තීනුවන් 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ප්‍රහාර හමුවේ තවත් 550කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඊශ්‍රායල හමුදාව විසින් හමාස් සංවිධානයට එරෙහිව අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන අතර, එහිදී එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ හමාස් සංවිධානයේ සමාජිකයන් සිටි ඇතැම් ස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට කටයුතු කර තිබෙනවා.

ඊශ්‍රායල – හමාස් යුධ ගැටුම් ආරම්භ වූ පසුගිය ඔක්තෝම්බර් 07 වැනිදා සිට මේ දක්වා පලස්තීන වැසිය 18,000ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එලෙස ජීවිතක්ෂයට පත්වූ පිරිසෙන් බහුතරය කාන්තාවන් සහ ළමුන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content