ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 50කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගාසා තීරයේ මධ්‍යම හා දකුණු ප්‍රදේශයට එල්ල කල ප්‍රහාරයන්වලින් මෙම පිරිස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ

එම මිය ගිය පිරිස අතර කුඩා දරුවන් 15 ක් සහ කාන්තාවන් 8 ද ඇතුලත්

දහස් ගණනක් වූ අවතැන් පිරිස් රදවා සිටි පාසලකට ද ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඩීර් අල්-බාලා නගරය ආසන්නයේ පිහිටා ඇති අවතැන් කදවුරට එල්ල වු ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 30 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කලෙ

ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පසුගිය ඔක්තෝබර් 7 දා සිට මේ දක්වා පලස්තීන වැසියන් 39 258 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 90 589 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ

WhatsApp Group

Skip to content