ගාසා තීරයට සහ ලෙබනනයට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා හි ජබාලියා ප්‍රදේශය වෙත සහ ලෙබනනයේ අල්මාට් ගම්මානයට ඊශ්‍රායලය එම ප්‍රහාර ඊයේ එල්ල කර ඇති බවයි.
මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ 43,603 ක් මෙන්ම ලෙබනනයේ 3,189 ක් මිය ගොස් තිබෙනවා.
එමෙන්ම, එම ප්‍රහාර හමුවේ ලක්ෂයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ද සදහන්.