ඊශ්‍රායලයේ පවතින ගැටුම් හේතුවෙන් හදිසි තත්ත්වයට මුහුණදෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හට අවශ්‍ය කරනු ලබන පහසුකම් සැපයීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඇමරිකානු ඩොලර් 10,000ක මුදලක් ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබා දී තිබෙනවා.

මෙම මුදල ශ්‍රී ලංකික ශ්‍රමිකයන් හට අවශ්‍ය කරනු ලබන ආහාර, බෙහෙත් ඇතුළු අනෙකුත් සියලුම පහසුකම් සැපයිම උදෙසා ලබාදී තිබෙන බව සදහන්.

එමෙන්ම ඉදිරියේදී අවශ්‍යතාවයක් මතු වුවහොත් තවදුරටත් මුදල් ලබා දීම සඳහාද විදේශ සේවා නියුක්ති කාර්යාශය විසින් මේවන විටත් අරමුදල් වෙන් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

ඊශ්‍රයාලයේ සිටින ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමටත් අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ සමබන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී සෙනරත් යාපා මහතා අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2023/10/GAMINI-SERATH-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content