ඊශ්‍රායලයේ වීසා නොමැතිව සිටින සාත්තු සේවික සේවිකාවන් හා අනෙකුත් අංශවල සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා වීසා ලබාදෙන ලෙසට කළ ඉල්ලීම අනුව එම පිරිස් සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම අද දිනයේ ද සිදුවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

ඒ හේතුවෙන් දැනට වීසා බලපත්‍ර නොමැතිව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තොරතුරු ලබාදෙන ලෙසත් ගුවන් ගමන් බලපත්‍ර රැගෙන එහි පිටපතක් තානාපති කාර්යාලයට ලබාදී ලියාපදිංචි වන ලෙසයි තාතාපති කාර්යාලය ඉල්ලා සිටින්නේ.

ඒ අනුව ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් හමුවේ වීසා කාලය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවට නොගොස් සිටින මෙරට ශ්‍රමිකයින්ගේ වීසා බලපත්‍ර අලූත් කිරීමට ඊශ්‍රායලය කැමැත්ත පළ කර තිබෙනවා.

එසේම ඔවුන්ට කෘෂිකර්ම අංශයේ රැකියා ලබා දීමටද එකඟ වී ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියා සිටියේ.

යුදමය වාතාවරණය හේතුවෙන් ආහාර නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම සහ ආහාර සුරක්ෂිතභාවයට අදාළව කෘෂිකර්ම අංශයේ රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙන බවද ඔහු සදහන් කළා.

WhatsApp Group

Skip to content