ඊශ්‍රායල, පලස්තීන ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හට නැවත මෙරටට පැමිණීම සදහා අවස්ථාව තිබෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

ඒ අනුව රාජ්‍ය ගුවන් යානයක් භාවිතා කරමින් ඔවුන්ට ඊශ්‍රායලයෙන් පිටවිය හැකි බවයි ඒ මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/10/NIMAL-BANDA-EDIT.mp3?_=1

ඊශ්‍රායල ජනගහන සහ සංක්‍රමණ අධිකාරියේ සහ මෙරට විදේශ අමාත්‍යාංශයේ අවසරය ලබාගැනීමෙන් අනතුරුව ඉදිරියේදී ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා.

https://www.vnews.lk/storage/2023/10/GAMINI-SENARATH-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content