ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවක රැකියා සඳහා අවස්ථාව හිමි වූ 20 දෙනෙකුට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහ විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගියදා ගුවන් ටික්පත් ප්‍රදානය කෙරිණ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති මෙම වැඩසටහනේදී නිවාස පාදක සාත්තු සේවක රැකියා සඳහා තේරීපත් වූ කාන්තාවන් 19 දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු මෙලෙස ගුවන් ටිකට්පත් ලබා ගත්හ.

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන 114 වන කණ්ඩායම මෙය වන අතර ඒ අනුව මෙම වැඩසටහන ආරම්භයේ සිට මේවන තෙක් ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවක රැකියා සඳහා 1225 දෙනෙකු පිටත්ව ගොස් ඇත.

මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා පැමිණ සිටි පිරිස අමතමින් සඳහන් කර සිටියේ, මීට වසර කීපයකට පෙර පැවති ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට හැකි වූයේ විගමනික ශ්‍රමිකයින්ගේ කැපවීම මත බවයි. ඒ අනුව මෙදින ඊශ්‍රායලයට බලා පිටත්වයන පිරිසගෙන්ද බැංකු හරහා මෙරටට මුදල් එවන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

WhatsApp Group

Skip to content