පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයට ඊශ්‍රායල හමුදාව විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඉන් වෛද්‍යවරයෙකු සහ ගුරුවරයෙකු ඇතුළු පලස්තීනුවන් 7 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය පැවසුවේ ජෙනින් නගරයේ ක්‍රියාත්මක සන්නද්ධ කල්ලි ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල කළ බවයි.

ඒ අනුව එම නගරයේ හමාස්, ෆාටා, සහ ඉස්ලාමීය ජිහාඩ් වැනි සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content