රාගම වල්පොල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී 08.30ට පමණ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙහිදී 17 හැවිරිදි තරුණයෙක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර, ඔවුන් රාගම රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි තැබීම සඳහ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවට පොලීසිය සැක පල කරනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි.

WhatsApp Group

Skip to content