ප්‍රංශ රජයේ මූල්‍ය අනුග්‍රහය යටතේ රුපියල් මිලියන 650ක වියදමින් පොලොන්නරුව මනම්පිටියේ ඉදිකළ පුලතිසි නැවුම් එලකිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කෙරේ

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් මට්ටමින් කිරි සැකසුම් මධ්‍යස්ථාන ඉදි කිරීමේ වැඩ සටහන යටතේ මෙම කර්මාන්ත ශාලාව ඉදි කරනු ලැබීය.

ඒ අනුව ප්‍රාදේශීය කිරි සැකසුම් මධ්‍යස්ථාන 06ක් ඉදි කිරීමට කටයුතු යොදා ඇති අතර ඉන් තුන්වැන්න ඊයේ(05) විවෘත කරනු ලැබීය.
තමන්කඩුව ප්‍රදේශයේ කිරි ගොවීන් 8000කගේ සාමාජිකත්වයෙන් ක්‍රියාත්මක කිරි ගොවි සමූපකාර සමිතිය විසින් මෙම කර්මාන්ත ශාලාවේ කටයුතු පවත්වාගෙන යයි.

මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 650කි.

මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර , රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ප්‍රංශයේ මෙරට තානාපති පැක්ටේට් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙහි දී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා රට කිරිවලින් ස්වයංපෝෂනය සඳහා ආරම්භ කර ඇති වැඩසටහන යටතේ මෙම කර්මාන්ත ශාලාව විවෘත කල බව සඳහන් කළේය.

WhatsApp Group

Skip to content