විරෝධතාව අතරතුරදී අත්අඩංගුවටගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු සිසුන් 22 දෙදෙනා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා ඊයේ විරෝධතා පාගමන සංවිධානය කර තිබූ අතර, එහිදී විරෝධය විසුරුවා හැරීමට පොලීසිය මරදාන ප්‍රදේශයේදී ජල ප්‍රහාරයක් එල්ල කිරීමටයි කටයුතු කළේ.

එහිදි මෙම සිසුන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසූවා.

මෙම විරෝධතාවය අතරතුර ඩීන්ස් පාර වසා දැමීම හේතුවෙන් එම සිසුන් මරදාන පොලීසිය අසල සිට විරෝධතාවයේ නිරත වුණා.

WhatsApp Group

Skip to content