ඊයේ රාත්‍රියේ පැවති විරෝධතා පාගමනකදී අත්අඩංගුවට ගනු ලැබූ කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සිව් නමක් සහ එම විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනා අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කැළණිය විශ්වවිද්‍යාලයේ පිවිසුම් දොරටුව අසලින් ආරම්භ කළ එම විරෝධතා පා ගමන කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස පැවැත්වෙමින් තිබියදී එය විසුරුවා හැරීමට පොලීසිය ඊයේ රාත්‍රියේ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීමේ වරද යටතේ සැකකාර සිසුන් එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේලා අවුරුදු 23 ත් 26 ත් යන වයස්වල පසුවන කහදූව, තුම්මෝදර, පිටබැද්දර හා මිරිස්ස යන ප්‍රදේශවල විහාරස්ථානවල වැඩවාසය කරන අතර 23 වන වියේ පසුවන සැකකාර සිසුන් දෙදෙනා අගුරුවාතොට හා කින්නියා ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.

WhatsApp Group

Skip to content