ඉහළ යන ආහාර මිල පාලනය කිරීමට පියවර නොගන්නේනම් නව බද්දක් ගෙවීමට සූදානම් වන ලෙස කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එරට සුපිරි වෙළෙඳසල්වලට අනතුරු අඟවා තිබෙනවා .

කැනඩා අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ පවුලේ පෝෂණය වෙනුවෙන් අරගල කරන ජනතාව වෙතින් ලාභ උපයා නොගත යුතු බවය.

එරට ප්‍රකට සුපිරිවෙළෙඳසල් ඇතුළු විශාලතම වෙළෙඳසල් ජාලා පහක ප්‍රධානින්ට කැනඩාවේ අගමැතිවරයා මේ බව දැනුම් දී ඇතැයි වාර්තා වනවා

මේ වන විට ජීවන වියදම් ගැටලු විසඳීමට පියවරක් ලෙස නව කුලී මහල් නිවාස ඉදි කිරීම සඳහා විකුණුම් බද්ද ඉවත් කිරීමටද ඔහු කටයුතු කර තිබෙනවා.

ජනතාවට සහන සැලසීමට සියලු පාර්ශ්ව එක්විය යුතු බව ද කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රකාශ කර තිබේන බවයි විදෙස් වාර්තා පවසන්නේ .

WhatsApp Group

Skip to content