ගල්කිස්ස මහල් නිවාස සංකීර්ණයක නිවසක පදිංචිව සිටි තරුණියක් ඉහළ මහලයකින් පහළට වැටී මියගොස් තිබෙනවා.

ඊයේ අලුයම් කාලයේදී මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇති තරුණිය එංගලන්තයේ පදිංචිකාරිණියක් බවයි අනාවරණ වී ඇත්තේ.

ඇය ෆෙස්බුක් සමාජ මාධ්‍ය හරහා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි නීති ශිෂ්‍යයෙකු හඳුනාගෙන ඇති අතර පසුව දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ඔහු හමුවීම සදහායි මෙම තරුණිය දිවයිනට පැමිණ ඇත්තේ.

ඇය අද නැවත එංගලන්තය බලා පිටත්වයාමට නියමිතව තිබුණු බවද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

WhatsApp Group

Skip to content