සීඝ්‍රයෙන් ඉහළයන ලොකු ළූනු මිල පිළිබඳ ගැටලුවට ක්ෂණික විසදුමක් ලෙස රෝස ළූණු (Rose Onion) නැමති මධ්යම ප්රමාණයේ ළූනු ප්රභේදය ආනයනයට අවශ්යය පහසුකම් සැපයීමට වෙළෙඳ අමාත්ය නලින් ප්රනාන්දු මහතා තීරණය කළේය. ඒ අනුව මෙම නව ළූණු ප්රභේදය රු.375- 400 අතර මිලකට පාරිභෝගිකයාට ලබා ගත හැකි වනු ඇතැයි ඔහු සඳහන් කරන ලදී.
ලොකු ළූනු මිල පාලනය කිරීම පිළිබඳව පිටකොටුව තොග වෙළෙඳුන් සමඟ ඊයේ (12)වෙළෙඳ අමාත්යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්යවරයා මේ බව අවධාරනය කළේය.
අසල්වැසි ඉන්දියාව ලොකු ළූණු අපනයනය නැවැත්වීමත්, මීට සතියකට පෙර පාකිස්ථානයත් සිය ළූනු අපනයනය නැවැත්වීමත් නිසා මෙරට වෙළෙඳපොලේ ලොකු ළූනු සැපයුම අඩු විය.
එළඹෙන රාමසාන් උත්සවය හා සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් කිරිපිටි මිල අඩු කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සමඟද අමාත්යවරයා සාකච්ඡාවක් පැවැත්විය.ඒ අනුව සිකුරාදා(15) වන විට කිලෝග්රෑම් එකක (1kg ) කිරිපිටි පැකට්ටුවක මිල රු.150කින් පමණ අඩු කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.
ඉන් අනතුරුව පැවැත්වුණු මාධ්ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් වෙළෙඳ අමාත්යවරයා සඳහන් කළේ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා රජය බදු ප්රතිපත්තීන් හරහා පාලනයන් ගෙන ගියද, දේශීය නිෂ්පාදන කඩා වැටී ඇති බවත්, ඉන් පාරිභෝගිකයාට වැඩි බලපෑමක් සිදු වී ඇති බවයි.
කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරකයන් වෙළෙඳපොළ තරඟකාරීත්වය සඳහා රටට අවශ්ය බවත්, මේ වන විට මහා පරිමාණ ව්යාපාරිකයන් පිරිසක් රටේ ආර්ථිකය හසුරවන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. ඒ අනුව රජය කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරිකයන් නඟා සිටුවීම සදහා විශාල පනත් සංඛ්යාවක් මෙන්ම බදු ප්රතිපත්ති කළමනාකරණයක් සිදු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

WhatsApp Group

Skip to content