පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද අලුයම විවෘත කර තිබෙනවා.

එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වනු ඇති.

එබැවින් ජලාශ වේල්ලට පහළ කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් සහ ඔය පරිහරණය කරන පිරිසට අවධානයෙන් පසුවන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content