සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගිය එක් දරු මවකට එම රටේදි ශරිරයේ විවිධ ස්ථානවලට අල්පෙනිති කටු ගසා වද හිංසා පමුණුවා ඇති බවට එම කාන්තාවගේ සැමියා වන නාගරාජන් අජිත්කුමාර් විසින් (16) දින ආගරපතන පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

මෙසේ අල්පෙනිති කටු ගසා වද හිංසාවට ලක් වි ඇත්තේ ආගරපතන පොලිස් වසමට අයත් තලවකැලේ ලිදුල ගැනිගල් වත්තේ හෙන්ෆෝල්ඩ් වත්තේ පදිංචි වි.සිවරංජනි (30) හැදිරි එක්දරු මවයි.

තම නිවසේ පවතින දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් ඉකුත් මස :17* දින කොළඹ ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා එජන්සියක් මාර්ගයෙන් තම බිරිද සෞදි අරාබියේ ගෘහසේවයට යැවු බවත්ල එහිදි එම රටේ භාෂාව නොදැනිම හේතුවෙන් තම බිරිදට එම නිවසේ හිමිකාර කාන්තාව ඇයට අවස්තා කිහිපයකදි පහර දි අල්පෙනිති කටු ගසා දැඩි ලෙස වද හිංසාවට ලක් කර ඇති බවයි ඇයගේ සැමියා අප ප්‍රාදේශීය වාර්තාකරු වෙත කියා සිටියේ.

ඇයට පහර දි ශරිරයේ අල්ලට , කලවා ප්‍රදේශයට මෙන්ම විවිධ ප්‍රදේශවලට දරුණු ලෙස පහර දි වස හිංසා ලබාදෙන බවට බිරිද විසින් තමන්ට දුරකථනය ඔස්සේ දැනුම් දිමෙන් පසු ඇයව සෞදි අරාබියේ ගෘහසේවයට යැවු විදේශ රැකියා එන්ජිය වෙත කිහිප වරක් දැනුම් දිමෙන් පසු ඇය මෙරටට ගෙන්වා ගැනිමට රු ලක්ෂ 10 ක මුදලක් එම එජන්සි හිමිකරුවන් තමන්ගෙන් ඉල්ලු බවයි සැමියා කියා සිටියේ .

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු වි.සිවරංජනි මෙසේ කියා සිටියා.

“ගෙදර ආර්ථික ප්‍රශ්න නිසා තමයි මම සෞදි අරාබියේ රැකියාවට ගියේ සෞදි ආරබියේ රියාත් නගරයේ ගෙදරක තමයි මම වැඩ කලේ, ගිය දවසේම මට ගොඩක් වැඩ දුන්නා කරන්න,ඊට පසුදින මට ඉනිමක් දිලා උඩ නැගලා නිවස සුද්ද කරන්න කිව්වා.

මම වැඩ කරනකොට ඉනිමග ලිස්සලා මම වැටිලා ඔළුව වැදුණා , මට අමාරු වුණා ඊට පස්සේ පැයක් විවේක අරන් වැඩ කරන්න කිව්වා, මම අමාරුවෙන් වැඩ කරා , මට දිගටම හිරිහැර වුණා.

මට කිව්වා අවුරුදු තුනක් මොනවා වුනත් අපි ගාව වැඩ කරනවා කියලා ලිවුමක් ලියලා දෙන්න කියලා , ඊට පස්සේ මට ගෙදරට කතා කරන්න කෝල් එකක් අරන් දුන්නා.

ගෙදරින් මට කිව්වා එහෙම ලිවුම් වලට අත්සන් කරන්න එපා කියලා, පස්සේ මගේ මහත්තයා මාව ගෘහ සේවයට යවපු එජන්සියට ගිහින් කිව්වා මාව ආපහු ලංකාවට ගෙනල්ලා දෙන්න කියලා.

ඒ අය රු ලක්ෂ 10 ක් ඉල්ලලා තිබුණා , අපි ගාව එච්චර සල්ලි නැ , මහත්තයා ගුවන් ටිකට්පත් සදහා ලක්ෂ දෙකක් දෙන්න කිව්වා , එකට මහත්තයට ඒජන්සියෙන් බැනලා තිබුණා.

දවසක් මම නාලා එනකොට ගෙදර අයිතිකාර ගැහැණු කෙනා මාව අල්ලගෙන අල්පෙනිති ඇන්නා , ඊට පස්සේ මම එයා එක්ක රණ්ඩු වුනත් මට පොර බදන්න ශක්තියක් තිබුණේ නැ , මට සිහිය නැති වුණා.

පහුවදා මට සිහිය එනකොට මගේ ඇගම වේදනාවක් ආවා , පස්සේ මම ඒ ගැන ලංකාවෙන් ගෘහ සේවයට ගිහින් ඉන්න අපේ ඥාතියෙකුට කිව්වා.

එයා අරාබි භාෂාවෙන් ගෙදර ගැහැණු කෙනාට කතා කරලා කිව්වා මම ඔයගොල්ලොන්ගේ ගෙදර වැඩට එන්නම් නංගිව ලංකාවට යවන්න කියලා.

ඊට පස්සේ මාව ලංකාවේ තනාපති කාර්යාලයට ගෙනල්ලා දැම්මා ,තනාපති කාර්යාලයේ හිටපු කෙනෙක් මගේ ඇගේ සැරව ගෙඩියක් තියෙනවා දැකලා , ඒක මිරිකන්නද ඇහුවා , මම හා කිව්වා ඒක මිරිකද්දි අල්පෙනිත්තක් එලියට ආවා.

ඊට පස්සේ මගේ ශරිරය පුරා තුවාල තිබුණි නිසා ඊට පහුවදාම මාව ලංකාවට එව්වා , මම ලංකාවට ඇවිල්ලා නුවරඑලිය මහ රෝහලට ගිහින් ප්‍රතිකාර ගන්න ගියපු වෙලාවේ රෝහලෙන් ඇගේ ඇණලා තිබුණු අල්පෙනිති කටු දෙකක් එලියට ගත්තා.

තවත් කටු කිහිපයක් ඇගේ තියෙනවා කියලා ආයේ දවසක ඇවිල්ලා රෝහල් ගත වෙන්න කිව්වා , අපි හරි දුප්පත් , මෙවැනි එජන්සි වලින් රට යන්න එපා මට වුණ වෙන කාටවත් විය යුතු නැහැ ”

https://www.vnews.lk/storage/2023/07/Ajithkumar-Voice-Cut.mp3?_=1 https://www.vnews.lk/storage/2023/07/V.Sivaranjani-Voice-Cut.mp3?_=2

WhatsApp Group

Skip to content