ඉස්ලාමීය සංවිධාන පහක් සදහා මේ වන තෙක් පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කර තිබෙනවා .

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021 වසරේදී ගැසට් නිවේදනයක් මගින් ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමටයි කටයුතු කලේ .

ඒ 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එයට අදාළ විමර්ශනයන් සහ මෙම සංවිධානවල ක්‍රියාකාරිත්වය පිළිබඳව දැඩි නිරීක්ෂණයක් සිදු කිරීම සදහායි .

කෙසේවෙතත් මෙලෙස තාවකාලික ඉවත්කිරීමක් සිදු කර ඇත්තේ සංවිධාන 5 ක් සදහා පමණක් වන අතර තවදුරටත් බුද්ධි අංශ විසින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ අරමුදල් රැස්කිරීම් පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන බව වාර්තා වනවා .

ඕනෑම අවස්ථාවකදී මෙම සංවිධාන සදහා පනවා ඇති දැඩි කොන්දේසි උල්ලංඝනය කළහොත් යළි තහනම් කිරීමට පියවර ගනු ඇති .

WhatsApp Group

Skip to content