ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කළ දුමින්ද දිසානායක මහතා වෙනුවට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන මහතා, භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් කළ ලසන්ත අලගියවන්න මහතා වෙනුවට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා පත්කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතාව ද අද එම ධුරයෙන් ඉවත් කෙරුණු අතර ඒ වෙනුවට මධ්‍යම පළාත් හිටපු මහ ඇමති සරත් ඒකනායක මහතාව පත් කර තිබේ.

ඩාලි පාර පක්ෂ මූලස්ථානයේදී අද පක්ෂ විධායක සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් සමග රැස් වූ අවස්ථාවේ මෙම තීරණ ගෙන ඇති බව වාර්තා වෙයි.

WhatsApp Group

Skip to content