ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා එම පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මෙවර මහ මැතිවරණය සදහා තරග කිරීමට අවස්ථාව ලබා නොදීම හමුවේ ඔහු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක භාරත් අරුල්සාමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් නායකත්වය දරණ දමිල ප්‍රගතිශිලි සන්ධානයට එක් වී තිබෙනවා.

මේ අනුව ඉදිරි මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග කිරීමට ඔහු නාමයෝජනා භාරදීමට නියමිත බවයි දමිල ප්‍රගතිශිලි සන්ධානයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

WhatsApp Group

Skip to content