නැගෙනහිර පළාතේ ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පංති පැවැත්වීම තහනම් කර ඇති බවට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව ඉරිදා දිනවල පස්වරු 2 දක්වා සහ පෝය දිනවල සම්පුර්ණ දිනයේදීත් උපකාර පංති පැවැත්වීම මෙලෙස තහනම් කර ඇති බවයි සඳහන් වන්නේ.

පළාත් අධ්‍යාපන ලේකම් නිතිඥ එච්.ඊ.එම්.ඩබ්ලිව්.ජී.දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයේ සඳහන් වන්නේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලැබීමට කාලයක් නොමැති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.

එමෙන්ම මෙම උපදෙස් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, ත්‍රිකුණාමලය – උතුර, කන්තලේ, අම්පාර, මහඔය සහ දෙහිඅත්තකණ්ඩිය යන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content