ඉරිදා දිනවල උදෑසන සහ  පොහොය දිනවලදී පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් සබරගමුව පළාත තුළ පනවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සදහන් කළේ තමන් උගන්වන පංතියේ සිසුන්ට මුදල් අයකර අමතර පංති පැවැත්වීම තහනම් කරමින් නිකුත් කළ නියෝගය ද දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුකාරවරයා උපදෙස් ලබාදුන් බවයි.

පළාතේ දහම් අධ්‍යාපනය ඉහළ නැංවීම සදහා ඉරිදා දිනවල පෙරවරුවේ පෞද්ගලික උපකාරක පංති තහනම් කරනු ලැබුවා.

එමෙන්ම මෙම නීති කඩකරන්නේ දැයි සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content